Powered By Blogger

Friday, December 31, 2010

ඔයා හෙට ක්ලාස් එනවද ???

මේක උනේ ඒ ලෙවෙල් කරන කාලේ,මගේ පන්තියේ හිටපු අපේ සෙට් එකේ මගේ හොදම යාලුවෙකුට.අපි දැනට මිනිහට සිරිපාල කියමුකෝ.
ඔන්න මිනිහ ට්‍රයි කළා කොළඹ තියෙන අර්ධ රජයේ පාසලක ලස්සන හුරුබුහුටි කෙල්ලෙකුට.සිරිපාලයා බොක්කෙන්ම මේකිට ලව්.මේ කෙල්ලත් මුගේ හොද යාලුවෙක්.කොහොමෙන් කොහොමහරි එක දවසක් හිතේ හන්ගන් හිටපු දේ කියල දානවා කියල සිරා තීරණය කරාලු..ඊටපස්සේ උන දේ පල්ලෙහා දෙබසේ තියෙනවා.

සිරා : හෙලෝ ***** මම ඔයාට මේකදැන් ගොඩ දවසක ඉදලා කියන්න හිටියේ
කෙල්ල: මොකද්ද ****?
සිරා :    අපි දෙන්න affair එකක් පටන් ගමුද?
කෙල්ල:  මට බෑ
සිරා :   හා,එහෙමද?කමක් නෑ,ඒක නෙවෙයි හෙට ක්ලාස් එනවද?
කෙල්ල:   ඔව්
සිරා :  එහෙනම් මම තියන්නම්

No comments:

Post a Comment