Powered By Blogger

Friday, December 31, 2010

දරුව උඹ දන්නේ නෑ (child,you dont know)

මේ සින්දුවෙන් කියන දේ ඇත්තටම මටනම් දැනිලා තියෙනවා......
මේක කොපි කරලා අපේ රටේ ජනප්‍රිය රූපවාහිනී සමාගමකිනුත් සින්දුවක් ගැහුවා
හැබැයි තේරුම නම හාත්පසින්ම වෙනස්

ඔයා හෙට ක්ලාස් එනවද ???

මේක උනේ ඒ ලෙවෙල් කරන කාලේ,මගේ පන්තියේ හිටපු අපේ සෙට් එකේ මගේ හොදම යාලුවෙකුට.අපි දැනට මිනිහට සිරිපාල කියමුකෝ.
ඔන්න මිනිහ ට්‍රයි කළා කොළඹ තියෙන අර්ධ රජයේ පාසලක ලස්සන හුරුබුහුටි කෙල්ලෙකුට.සිරිපාලයා බොක්කෙන්ම මේකිට ලව්.මේ කෙල්ලත් මුගේ හොද යාලුවෙක්.කොහොමෙන් කොහොමහරි එක දවසක් හිතේ හන්ගන් හිටපු දේ කියල දානවා කියල සිරා තීරණය කරාලු..ඊටපස්සේ උන දේ පල්ලෙහා දෙබසේ තියෙනවා.

සිරා : හෙලෝ ***** මම ඔයාට මේකදැන් ගොඩ දවසක ඉදලා කියන්න හිටියේ
කෙල්ල: මොකද්ද ****?
සිරා :    අපි දෙන්න affair එකක් පටන් ගමුද?
කෙල්ල:  මට බෑ
සිරා :   හා,එහෙමද?කමක් නෑ,ඒක නෙවෙයි හෙට ක්ලාස් එනවද?
කෙල්ල:   ඔව්
සිරා :  එහෙනම් මම තියන්නම්

අමරණීය පාසල් කාලය

නිවාඩුවට ගෙදර එන ගමන් බැස්සා ඉස්කෝලේ ලගින්,ඉස්කෝලේ නිවාඩු හන්ද පට්ට පාලුවට ගිහින්,වෙනදට කොච්චරනම් සද්දයක් තියෙනවද  මේක ඇතුලේ,මගේ හිත දුවල ගියා අවරුදු ගානක් ආපස්සට.අපි මේකේ රජ කරපු කාලේ මට මතක වෙලා මටත් නොදනිම ඇස දෙක තෙත් උනා.කොයි තරම් මගෝඩි වැඩ කරත් ඉස්කෝලෙට අපි හැමදාටම ආදරේ කලා.අපිට උගන්නපු ගුරුවරු බොහොම අතලොස්සයි ඉතුරුවෙලා ඉන්නේ.ඒ කාලේ හිටපු විදියට සමහරුන්ට පුදුමයි මම ගැන.ගජා,ජොයිසා,බ්‍රැන්ඩියා,කබරයා,බොකා,ජැකා,මයියා,ගල් බණ්ඩා,කෘමියා,බිත්තරයා,කොඩ්ඩා,ඩොන්,3මාල් මේ ඔක්කොම එක පවුලක් වෙලා හිටියා ඒ කාලේ.
වෙලාව තියෙන හැටියට පාසල් මතක ආවර්ජනය කරලා ලියන්නම්

නිදහස් අධ්‍යාපනය

පුස්තකාල ගාස්තු 200/=
විද්‍යාගාර පහසුකම් සඳහා 300/=

සනීපාරක්ෂක ගාස්තු 250/=
නඩත්තු වියදම් 1000/=
පාසැල සංවර්ධන අරමුදල 750/=
ක්‍රීඩා ගාස්තු 250/=
ආරක්ෂක ගාස්තු 200/=
අවුරුද්දට 2750/=
අධ්‍යාපනය නිදහසේ විකුණනු ලැබේ....................

පොල් ගහ

මේක මේ දැන් අහන්නලැබුන කතාවක්.ඇත්තටම වෙච්ච සිද්දියක් අපේ ලොකුඅම්මට.
අපේ ලොකුඅම්මා ඔය ජෝතිෂ්‍යය තදින් විස්වාස කරන කෙනෙක්.මොනවහරි දෙයක් උන ගමන ඉතින් එකේ ජෝතිෂ්‍ය පදනම හොයනවා.ලොකුඅම්මලගේ ගෙවල් පැත්තේ ඉන්නවා ටිකක් ප්‍රසිද්ද ජෝතිශ්‍යඥයෙක්.ඉතින් මිනිහගෙන් තමි උපදෙස් එහෙම ගන්නේ.ලොකුඅම්මලගේ ගෙදර තියෙනවා එක පොල් ගහක,ඕකේ එක ගෙඩියක් වත් නැහැ.ඉතින් අපේ ලොකුඅම්මට කව්ද කියල තියෙනවා ඕකේ ගෙඩි එන්න කරන කෙමක්‌ ගැන.ගෙදර කෙනෙක් නිර්වස්ත්‍රව ගිහින් පොල් ගහට පිහියකින් කොටන්න ඕන කිව්වලු.ඉතින් ඕක අපේ මල්ලිට කිව්වාම මිනිහ "අම්මට පිස්සුද" කියල අහල ෂේප් වෙලා,ඉතින් අපේ මහප්පට තමයී වැඩේ සෙට් උනේ.
ඉතින් ඔන්න රෑ වෙලා,ඔක්කොම වටේ පිටේ ගෙවල් වල ලයිට් නිවනකන් ඉදල මහප්පා නිර්වශ්තෙර්න් තඩි මාන්න පිහියකුත් අරන් ගිහින් පොල් ගහට කොටනවලු.මේ මහා රෑ ජාමේ දැඩි බිඩි සද්දේ මොකද්ද බලන්න එහා ගෙදර මෑන් දැම්මලු ලයිට් එක.ගිනි විජ්ජුම්බරයයි,අපේ ලොක්කා එහෙම්මම පාත් වෙලා ළඟ තිබ්බ
පඳුරකට මුවා උනාලු...........

ආදරය සහ කෑම

ආදරේ අන්ධයි කියනවලුනෙ.....එ වගෙම තමයි ආදරෙ හන්ද ගුටි පූජා එහෙමත් වරදින්නෙ නැහැ.මම මෙ කියන්න යන්නෙ අපේ එකෙක්ගෙ ලව් එකක් හන්ද තව පොඩ්ඩෙන් අපි කන්න ගිය කෑමක් ගැන.
මේක උනෙ හරියටම අපි 11 වසරෙ ඉන්ද්දැද්දි.මගෙ යාලුවෙක් හිටියා මරදානෙ තියෙන ප්‍රසිද්ද පාසලක.මූ පාරෙ පොලිසියෙ(ඉස්කෝලෙ ට්‍රැෆික් යුනිට් එක) ඉන්නවා.ඉතින් උදේ පාන්දරම කොල පාට ජැකට් එකත් දාගෙන මුන් සෙට් එක මරදානෙ මුන්ගෙ ඉස්කෝලෙ ඉස්සරහ ඩියුටි කරනවා......
එ අස්සෙ ඔතනින් හමදාම උදේ හවස යන එන කෙල්ලෙක් හිටියා ආනන්ද බාලිකාවෙ,මාරම ලස්සනයි,පොෂ් කෙල්ලෙක්,මේ කෙල්ල ඉතින් අපෙ බුවාට පනාව දාගෙන යනවලු ඉතින් හමදාම.ඔන්න ඉතින් දැන් මූත් කෙල්ල ගැන කියෝනවා හමවෙලේම.
අපෙ ඉස්කෝලෙ තිබ්බෙ ඊට ටිකක් ඈතින්.ඉතින් මම මූට කිව්වා මටත් අසයි උඹේ සුරන්ගනාවි බලන්න කියල.ඒ කාලෙ කැමරා ෆෝන් තිබ්බෙ නෑ.ඉතින් මූ රීල් දාන කැමරාවකින් ෆොටෝ අරන් ගෙනත් පෙන්නුවා අපිට.
කොහොම කොහොම හරි ඉතින් දවසක අපේ බුවා ලියුමකුත් දුන්නා කෙල්ලට,කෙල්ලත් ලැජ්ජවෙන් ගත්තාලු ඕක.ඔහොම ගිහින් ඉතින් අපිට ඕන උනා කෙල්ලගෙ සමාජ තත්ත්වෙ බලාගන්න,ධනා කිව්ව(ධනා කියන්නෙ අපෙ සෙට් එකේ හිටපු ලොකුම එකා.ලොකුම කිව්වෙ වයසින් නෙවේ.සයිස් එකෙන්.),මචන් අනිවා ඔකි හොඳ ෆැමිලි එකක කෙල්ලෙක්,බලපන් පොශ් පාට කියලා..........ඉතින් මූගෙ බල කිරීමට අපි දවසක් ගිය ඉස්කෝලෙ ඇරිලා කෙල්ලගෙ පස්සෙන්.කෙල්ලගෙ මාලිගාව බලන්න.

අනේ ඉතින් කෙල්ල දැන් අතුරු පාරවල් වලින් හැරි හැරී යනවා,අපි පස්සෙන් යනවා.ඔහොම ගිහින් කෙල්ල එන්ටර් උනා කුප්පියවත්තට...හනේ හපොයි.............
ඊටපස්සෙ අපිට දැන් ෆුල් අන්දොස්..
ඔහොම ඉස්සරහට යනකොට ඇඟ පුර පච්ච කොටගත්ත අයියා කෙනෙක් ආවා ඉස්සරහට.අපි කොල්ලො 6ක් විතර හිටියා.මූ ඇවිත් අහපි,උඹලාගෙන් කව්ද අපෙ නන්ගිට ට්‍රයි කරන්නෙ කියලා.එවෙලෙ මටනම් හීන් දාඩියයි මහ දාඩියයි දෙකම දාල තිබ්බෙ.මක් කරන්නද ඉතින්,කොල්ලො සෙට් එක වාෂ්ප,අපෙ කකුල් වලට එච්චර හයියක් තියෙනවා කියලා දැනගත්තෙ එදා තමයි.කොහොමෙන් කොහොමෙන් හරි අපෙ කොල්ලා ඊළඟ මාසෙම පාරෙ පැත්තෙ දකින්නවත් ආවෙ නැහැ.පස්සෙ ආරන්චි උනේ කෙල්ලගෙ අයියා බල්බෙ ද මොකෙක්ද එකෙක් කියලා.........අපි තමත් අරූට කෙල්ල ගැන කියල මතක් කරනවා.......තව පොඩ්ඩෙන් කපුවා කපෝති තමයි ඉතින්..............

soldiers confession

The soldier stood and faced God,
Which must always come to pass.
He hoped his shoes were shining,
Just as brightly as his brass.

'Step forward now, you soldier,
How shall I deal with you ?
Have you always turned the other cheek ?
To My Church have you been true?'

The soldier squared his shoulders and said,
'No, Lord, I guess I ain't.
Because those of us who carry guns,
Can't always be a saint.

I've had to work most Sundays,
And at times my talk was tough.
And sometimes I've been violent,
Because the world is awfully rough.

But, I never took a penny,
That wasn't mine to keep...
Though I worked a lot of overtime,
When the bills got just too steep.

And I never passed a cry for help,
Though at times I shook with fear.
And sometimes, God, forgive me,
I've wept unmanly tears.

I know I don't deserve a place,
Among the people here..
They never wanted me around,
Except to calm their fears.

If you've a place for me here, Lord,
It needn't be so grand.
I never expected or had too much,
But if you don't, I'll understand.

There was a silence all around the throne,
Where the saints had often trod.
As the soldier waited quietly,
For the judgment of his God.

'Step forward now, you soldier,
You've borne your burdens well.
Walk peacefully on Heaven's streets,
You've done your time in Hell.'

~ Author Unknown ~

dedicated to all the TRUE heroes who fought for their motherlands...............

සිවා නම් වූ ඔහු.............

මිනිසුන් අතර ඉපිද.......නොමිනිසුන් හට බියෙන්,
සැඩ රළ අතර සැඟවුණ,
තවත් එක් උන්මන්තක පෙම්වතෙක්
කාගේ වරදින්ද උඹ මියැදුනේ.............???

වරද උඹෙමයි,
ඇයි සාපලත් ලොවට බිහි උනේ????

Thursday, December 30, 2010

චතුවා ගෙන්

ඔන්න ඉතින් මමත් පුන්චියට පටන් ගත්තා බ්ලොග් එකක් ලියන්න.හැබැයි ඉතින් වෙලාව තමයි නැත්තෙ.කමක් නැහැ කොහොම හරි පුලු පුලුවන් විදියට මේක යවත්කල් කරන්නම්කො
සැමට ජය ශ්‍රී