Powered By Blogger

Sunday, July 3, 2011

හුලo විස්කෝතු

මේකත් බොහොම ඉස්සර වෙච්ච වැඩක්.මම O/L කරලා ගෙදර ඉන්න කාලෙ උන වැඩක්.මම ගනන් ඉගෙනගත්ත සර් අසනීප වෙලා ගෙදර ඉන්නවා කියල අපෙ අම්ම කිව්වා,ඉතින් පරන ගෝලයෙක් හැටියට සර් බලන්න යන එක යුතුකම නෙ.

ඉතින් මමයි මගේ හොඳම යාලුවයි යන්න කතා කරගත්තා සර් ව බලන්න යන්න.ඉතින් ඔන්න අපි දැන් පිටත් උනා,යාලුව මගෙන් ඇහුවා "මචන් මොනවඩ ගෙනියන්නෙ කියලා,මම කිව්වා කොකටත් අම්මට කතා කරල් අහපන් කියල,ඉතින් දැන් මූ කතා කරා අම්මාට,ඉතින් උන්ගෙ අම්ම කිව්වා කෙහෙල් ඇවරියකුයි නෙස්ටමෝල්ට් එකකුයි ගෙනියන්න කියල,එ අස්සෙ අරූ කිව්වා,මචන් අම්මා මොකද්ද හුලන් විස්කොතු කතාවකුත් කිව්වා කියල,

අපි දෙන්නා ඉතින් කෙසෙලුයි,නෙස්ටමෝල්ටුයි තව හුලන් විස්කොතු එකකුයි අරගෙන යන්න පිටත් උනා,කොහොමෙන් කොහොම හරි ඉතින් සර් ට මාර සතුටුයි අපි ආපු එකට,හැබැයි සර් ගෙ නෝනා අපි ගෙනියපු හුලන් විස්කොතු එකට කින්ඩි හිනවක් දැම්මා.මට ඒක එවෙලෙ එච්චර මීටර් නැහැ


දැන් ඉතින්සර්වත් බලලා අපි ගියා යාලුවගෙ ගෙදර,යනකොට අම්මා බලන් ඉන්නවා,අපි ආපු හැටියෙම අම්ම අහනවා, "කෝ හුලන් විස්කොතු ගෙනාවද කියල"
එතකොටයි මටත් සිද්දිය මීටර් උනේ,තාමත් හුලන් විස්කොතු දකිනකොට ඒ සිද්දිය මතක් වෙනවා,......................
හතර විලි ලැජ්ජාවයි...........................................


ප.ලි
අපෙ ගනන් සර් නම් අපෙන් සදහටම සමුගත්තා මීට අවුරුද්දකට විතර කලින්