Powered By Blogger

Friday, December 31, 2010

පොල් ගහ

මේක මේ දැන් අහන්නලැබුන කතාවක්.ඇත්තටම වෙච්ච සිද්දියක් අපේ ලොකුඅම්මට.
අපේ ලොකුඅම්මා ඔය ජෝතිෂ්‍යය තදින් විස්වාස කරන කෙනෙක්.මොනවහරි දෙයක් උන ගමන ඉතින් එකේ ජෝතිෂ්‍ය පදනම හොයනවා.ලොකුඅම්මලගේ ගෙවල් පැත්තේ ඉන්නවා ටිකක් ප්‍රසිද්ද ජෝතිශ්‍යඥයෙක්.ඉතින් මිනිහගෙන් තමි උපදෙස් එහෙම ගන්නේ.ලොකුඅම්මලගේ ගෙදර තියෙනවා එක පොල් ගහක,ඕකේ එක ගෙඩියක් වත් නැහැ.ඉතින් අපේ ලොකුඅම්මට කව්ද කියල තියෙනවා ඕකේ ගෙඩි එන්න කරන කෙමක්‌ ගැන.ගෙදර කෙනෙක් නිර්වස්ත්‍රව ගිහින් පොල් ගහට පිහියකින් කොටන්න ඕන කිව්වලු.ඉතින් ඕක අපේ මල්ලිට කිව්වාම මිනිහ "අම්මට පිස්සුද" කියල අහල ෂේප් වෙලා,ඉතින් අපේ මහප්පට තමයී වැඩේ සෙට් උනේ.
ඉතින් ඔන්න රෑ වෙලා,ඔක්කොම වටේ පිටේ ගෙවල් වල ලයිට් නිවනකන් ඉදල මහප්පා නිර්වශ්තෙර්න් තඩි මාන්න පිහියකුත් අරන් ගිහින් පොල් ගහට කොටනවලු.මේ මහා රෑ ජාමේ දැඩි බිඩි සද්දේ මොකද්ද බලන්න එහා ගෙදර මෑන් දැම්මලු ලයිට් එක.ගිනි විජ්ජුම්බරයයි,අපේ ලොක්කා එහෙම්මම පාත් වෙලා ළඟ තිබ්බ
පඳුරකට මුවා උනාලු...........

1 comment:

  1. ඔය කෙම ගැන නම මාත් අහල තියෙනවා. හැබැයි කරපු කෙනෙක් ගැන නම ඇහුවේ අද තමා.

    ReplyDelete