Powered By Blogger

Tuesday, January 20, 2015

ප්‍රීතිමත් පවුලක රහස

නිහාලුයි ධම්මිකයි කියන්නේ එකම ගමේ හිටපු ගජ යාළුවො දෙන්නෙක්.දවසක් ධම්මික අහනවා නිහාල්ගෙන් මෙහෙම,
"කොහොමද බන් උඹල ගෝරි බෝරි නැතුව සතුටෙන් කිරි පැණි වගේ පවුල් කන්නේ?"

මොකද මේ ධම්මිකයයි උගේ ගෑනියි හැමදාම වලි.
එතකොට නිහාල් කියනවා මෙහෙම,
"ඒකෙ රහස මේකයි මචන්,අපේ ගෙදර තීරණ ගනිද්දී සිල්ලර ප්‍රශ්න වලට තීරණ ගන්නේ එයා,බැරෑරුම් ප්‍රශ්න වලදී මම තමයි තීරණ ගන්නේ.ඒ හන්ද අපි අතරේ ගැටුම් නෑ...."
"මොනවද බන් එතකොට ඔය සිල්ලර ප්‍රශ්න?"  ධම්මිකයා කුතුහලෙන් අහනව.
"මෙහෙමයි,අපි කන්නේ බොන්නේ මොනවද,අඳින්නේ පළඳින්නේ මොනවද,යන්නේ එන්නේ කොහෙද,ගෙදරට වියදම් කරන්නේ මොනවගේ දේවල් වලටද? ඔන්න ඔයවගේ සිම්පල් දේවල් වලදී තීරණ ගන්නේ එයා."
"එතකොට බැරෑරුම් ප්‍රශ්න කිව්වේ මොනවගේ ඒවාද බන්?"ධම්මිකය උනන්දුවෙන් අහනව.

"පෞද්ගලික විශ්වවිද්‍යාල පනත අපේ රටට සුදුසුද,ද්‍රවිඩ සන්ධානයvඑක්ක තව දුරටත් සාකච්චා කරනවද,ඉසෙඩ් ස්කෝර් එක විශ්ව විද්‍යාල ප්‍රවේශයේදී අනාගතයටත් යොදාගන්නවද,මනාප චන්ද ක්‍රමය අහෝසි කරනවද?ඔයවගේ බරපතල තීරණ ගන්නේ මම."...නිහාලයා හෙන ආඩම්බරෙන් කිව්වා.....

ගයියාගේ Rhyme එක

සෑහෙන කාලෙකට පස්සේ ආයෙමත් තුහින යවත්කල් කරන්න ඕනේ කියල හිතුනා. අලුත් අවුරුද්දේ පළමු මතක ආවර්ජනය මීට අවුරුදු දහ අටකට එපිටින් වෙච්චි සිදුවීමකින් අරඹන්න ඕනේ කියල හිතුනා.
මේක මට හදිසියේම මතක් උනේ අන්තර්ජාලයේ සැරිසරනකොට දැකපු පින්තුරයක් හින්ද.



මෙන්න මේ ඉහළින් තියෙන්නේ,ඔන්න ඕක දැකල තමයි මට මතක් උනේ පරණ සිද්ධිය.
ඉංගිරිස් පන්තියේදී තමයි මේ කියන කතන්දරේ උනේ...තුන වසරේ තමයි එතකොට හිටියේ මම(කොට කලිසම් ඇඳගෙන හොටු පෙරාගෙන ඉන්න කාලේ නෙව).මට මතක හැටියට මිස්ගේ නම "අනෝමා".
දවසක් දැන් ඔන්න පන්තියේ එවුන්ට මිස් කිව්වා ඉංග්‍රීසි කවියක් එහෙමත් නැත්තන් poem එකක් කියන්නෙයි කියල. පන්තියේ සම සමව හොටු කෙල්ලෝ සහ හොටු කොල්ලෝ හිටියා. දැන් මිස් අරක කියන්න කිව්වා විතරයි එක එකා මූණට මූණ බලං කුටු කුටු ගාන්න පටන් ගත්ත.
ක්ලාස් එකේ හිටියා "ෂෙහාරි" කියල ගෑල්ලමයෙක්. මෙයා ඉතිං ටිකක් විතර පොස් එක්කෙනෙක් ඈ.
මේකි දැන් විහාර මහා දේවිය වගේ නැගිටලා ගිහිං ක්ලාස් එක ඉස්සරහා කිව්වා ඉංගිරිස් කයියක්,එහෙමත් නැත්තන් English Rhyme එකක්.

"roly poly pudding..........."

(මට ඒකෙ වචන මතක නෑ[ඒ කාලේ තේරුනේ නැහැනේ,ඒ හින්ද වැරදිලාවත් මතක හිටියේ නෑ])
දැන් මේක කියල මහා ආඩම්බර ලුක් එකක් දාගෙන ක්ලාස් එකේ එවුන්ට මේකි ගිහින් වාඩි උනා. අනෝමා මිසුත් කියාපි
"See now Shehari has sung a nice song,Why others cant sing??? " කියල
මොන!!! ඔක්කොම එවුන් බිරාන්ත වෙලා පුටු වලට තියල දෙපරංශ මල්ටි බොන්ඩ් වලින් අලවලා තිබ්බ වගේ හිටියේ. ඔන්න මිස් ඒ පාර කියන්න ගත්තා, "ගෑනු ළමයෙක් නම් කිව්වා,කෝ ඉතින් මේ පිරිමි ළමයින්ට බැරිද?" කියල.
අනේ ඉතින් අන්ත අසරණ අපි මොනවා කරන්නද. එතකොටම අපේ පන්තියේ අන්දරේ හෙවත් "ගයියා" නැගිට්ටා. නැගිටලා මිස්ට කිව්වා,
"මිස් මම එකක් කියන්නම් " කියල. අම්මට හුඩු!!! මිස්ට හෙනම සන්තෝසයි දැන් අන්තිමේදී හරි එකෙක් ඉදිරිපත් උන එක ගැන.
ඒත් ඉතින් ගයියා ගැන දන්නා හින්දාමදෝ හෝ අපේ හිත් වල කොනක පුංචි කහටක් තිබ්බ( "මොකාටද මූ එන්න හදන්නේ " වගේ එකක්.)
කමක් නෑ මොකද වෙන්නේ කියල ඉතින් කටවල් බලියාගෙන ඉන්නවා කොල්ලෝ බලාගෙන දැන්.(කෙල්ලෝ ටිකත් එහෙම්මමයි හරිය!)
ගයියත් සිංහ සෙයියාවෙන් පන්තිය ඉස්සරහට ගිහින් උගුරේ රැල් බුරුල් හෙම ඇරලා පටන් ගත්තා උගේ සින්දුව.................

"Roly poly pudding
ෂෙහාරි කිව්වේ කටිං...."


පද දෙකයි කියන්න හම්බුනේ ඉන් පස්සේ අපි දැක්කේ ඔලුව බේරගන්න පන්තිය වටේ දුවන අපේ කතා නායක තුමා එහෙම නැත්තන් අපේ ආදරණීය ගයියා සහ උගේ මාංශ අනුභව කරන රිස්සෙන් ඌ පසුපස හඹා යන අපේ ආදරණීය ගුරුතුමී,අනෝමා මිස්වයි, හොටු පෙරාගෙන අඬන ෂෙහාරිවයි විතරයි.


කොහොමින් කොහොම හරි ආයෙම ඉංග්‍රීසි පන්තියේදී අපි poem හෝ rhyme කිව්වේ නැහැල්ලු ඈ.......
අදටත් ගයියා ඕක  මතක් කරලා ඒ පාදඩ අතීතය ගැන හිනා වෙනවා බඩ පැලෙනකල්!!!!

ලෙනින්.....




සොඳුරු වොල්ගාව දෙපසින්
චෙරි මල් පිපෙත්දී
බිරියෝසා ඉති කිතිකවා
සිහිල් වූ මදනල
පීතර්බුර්ගයේ පියසි සිප ගනිත්දී
සීතල තුෂර බිඳු
හිරු කිරණින් වියකෙත්දී
යුග ගණන් මුල් ඇද පොලොව බදා පැලවුණු,
රූස්ස රුක් රද ඇද හෙලා,
සදාතනිකවම අචලයයි සිතූ,
දැවැන්ත ගල් පෙරලා,
පීඩිතයින් උදෙසා
නව ලොවක් බිහි වෙත්දී
ක්‍රෙම්ලිනයේ
යෝධ තාප්ප පවුරෙන් ඔබ්බෙහි
ඔබ සුවෙන් සැතපෙයි
තවත්..............
දහසක් සෝ සුසුම් මතක පොදි
උනුහුමට දියවී
සිහි කරයි ඒ නාමය
රනින් කෙටවූ
මතක පත් ඉරු අතරේ..........
ලෙනින් ඔබ සදා අමරණීයයි

Sunday, September 2, 2012

ඉසෙඩ් ස්කෝර්......



විබාගෙ ප්‍රතිපල බලන්න ඉස්කොලෙට ගිය නිමාලි ගෙදර දුවගෙන ආවෙ ඔලුව උඩ තියෙන මහා බර කන්දරාව තනියෙන් දිය කරලා අරින්න කියලා හිතාගෙන.
"මොකද කෙල්ලෙ වෙලා තියෙන්නෙ?"
එලිපත්ත උඩ ඉඳන් හිටපු අම්මා ඇහුවා...
"වැඩක් නෑ අම්මෙ,ආයෙමත් දිස්ත්‍රික් .rank .එක  පහලට ගිහිල්ලා.......
නිමාලි හිතට ආපු ඉකියත් හිර කරගෙන ගෙට ගොඩ උනා.
"අනේ මන්ද බන්,ඔන්න ඔය ටවුමෙ ගාමන්ට් එකේ වත් රස්සවක් හොයාගන්න බලමු"
අම්මා හිතේ හිරවෙලා තිබ්බ දුක, මහා සුසුමක පා කරලා යැව්වා....
තනියම කාමරේට වැදුන නිමාලි මැටි ගැලවිච්ච වරිච්චි බිත්තිය දිහා අනිමිසයෙ යෙදෙන ගමන් සිතුවිලි වලට වද දෙන්න ගත්තා....
හිතේ රැඳිච්ච අහින්සකම අහින්සක හීන දහසක් පොත් මිටියක් අස්සෙ හන්ගාගෙන ඒ ලෙවල් විබාගෙ ලියන්න පෙරුම් පුරපු හැටි නිමාලිට මතක් උනා......


හීන හැබෑ කරගන්න ඇස් දෙකටයි,හිතටයි දුන්න දහසක් අනේක වධ වේදනා දන්නේ ඉටිපන්දම් කිරි වැටිච්ච පාඩම් පොතුයි,රෑ තිස්සෙ පාලුව කපපු මදුරුවො රෑනයි විතරයි
  අම්මාගෙයි,අහින්සක අප්පච්චිගෙයි හීන කඳුලු වල දිය කරලා තමන්ට පෙව්වෙ ඒ අය කවදාකවත් රජ සැප බලාගෙන නෙවෙයි කියලා නිමාලි දන්නවා...
ඒ කඳුලු වලින් තමුන් මහන්සි වෙලා වපුරපු පුන්චි පැලය ඉඩෝරෙට වේලිලා යත්දි...හිත කොච්චර නම් රහසින් වැලපුනාද කියලා හිතාගන්නත් බැරි තරම්.
ඊයේ දිස්ත්‍රික්කෙ 23 හිටපු නිමාලි අද ඉන්නෙ 223 තැනට.....අවුරුදු ගානක් පෙරුම් පුරපු සරසවි හීනෙ බොඳ උනේ තමන්ගෙ වරදකින් නම් නොවෙයි කියලා නිමාලි හොඳටම දන්නවා....
ඒත් ඒ කාගෙ වරදක් ද...................????

සමතුලිතතාවයක් ගැන ඉගෙනගෙන තිබ්බත් ඒ වගේ දෙයක් දකපු බවට මතකයක් නිමාලිට තිබ්බෙ නෑ.ආයෙමත් පාරක් නිමාලිව සිතුලිවි වල ගිලුනා...
............,නිදහස් අධ්යාපනය,උපාදි සිහිනය....ලෙඩ ඇඳේ ඉන්න අප්පච්චි...ඒත් එක්කම ටවුමෙ ගාම්න්ට් එක  ඇරිලා හවසට ඉගිල්ලිල යන කිරිල්ලියොත් නිමාලිගෙ හිත ඇතුලෙ පොරබදින්න ගත්තා.....


එ ඔක්කොමත් හිත පාරවද්දි,ජීවිතේ සිහින තමා ඉදිරියෙ දිය වෙලා උණුහුමට කම්මුල් තෙමාගෙන,ලුණු රසට ගලාගෙන යද්දි,නිමාලිගෙ හදවත පතුලෙන් නැගිච්ච සමස්ත තාරුණ්යයෙ ඉකිය,කීඩෑවො පාලු කරපු වෙල් යාය පහු කරන්,හන්දියෙ කඩේ සිරිසේන මාමගෙ කබල් රේඩියො එකේ සද්දෙත් අභිබවාගෙන,පන්සලේ මහ හඬින් දාලා තියෙන පිරිත් සද්දෙත් පහු කරන්,සමනල කන්දෙ මස්තකයත් හෙල්ලුම් කවාගෙන පැතිරිල ගිහින් කොලොම්පුරේ රජ මාලිගාවක දොරේ මහ හඬින් පතිත උනත්,බඩ පැලෙන්න පිට්සා කාල,කුරුලු පිහාටු අතුරපු පුලුන් යහනාවෙ සැතපිල හිටපු
බේබිලාට වත්,රටේ ආඩම්බරකාර භාරකාරයින්ගෙ වත් දැහැන බිඳින්න ඒ දුර්වල දෝන්කාරය සමත් උනේ නැහැ.....................




Friday, August 31, 2012

ජීවන වියදම



                                          චන්ද කාලෙදි හැන්ගිලා ඉඳලා...
                                          චන්දෙන් පස්සෙ එලියට වරෙන්

Wednesday, August 29, 2012

අසම්මත ප්‍රේමය


ආගන්තුක නුඹේ සිතට කියාදෙන්න...
මම මටත් හොරෙන්,නුඹෙ හිතට නුඹටත් හොරෙන් ආලය කල වග
එතකොට නුඹේ හිත අසාවි.....
"තමුසෙ බීලාද ඕයි ඉන්නෙ?"

දාරක සෙනෙහස,වැසිකිලි වල සහ සුනඛ දේනුව


අද සෑහෙන කාලෙකට පස්සෙ ලියන්න හිතුනා.......
දවාලෙදි දැකපු සිද්ධියක් හින්දා.
මම හිටපු තැනට ටිකක් එහායින් බැල්ලියක් හිටියා...ඌ පිස්සුවෙන් වගේ එහෙට මෙහෙට දුව දුව ලඟ පාත තිබුන ගස් වල පාත අතු වල වහන්න එන කපුටන්ව පිස්සුවෙන් වගෙ එලවනවා.මම වටපිට බැලුවාම දැක්කා එතනට මීටර් 100ක් විතර දුරින් පුoචි බලු පැටව් 3දෙනෙක් ඉන්නවා දැක්කා.......ඒ බැල්ල පැටවුන්ගෙ අම්මා වග මම දැක්කා...කිරි බොන වයසෙ ඉන්න උන්ට වැඩිම උනොත් සති 2ක් ඇති.ඒත් ඉතින් පැටවු ඉන්න තැනට මීටර් 100ක් විතර දුරට කපුටො එන එක නවත්තන්න හේතුව මොකද්ද කියලා මට පුදුම හිතුනා.

         
ඒ පුදුමෙ හන්දාම තව ටිකක් වටපිට බැලුවා හොඳට.ඒ දැකපු දෙයින් මගෙ හිත සසල වෙලා ගියා......
අර බලු පැටව් හිටපු තැනට ටිකක් දුරින් පුන්චිම පුන්චි බලු පැටියෙක් මැරිල ඉන්නව මට පෙනුනා.....අර බැල්ල මේ පුන්චි එකාගෙ මිනිය තමයි අච්චර පිස්සුවෙන් වගෙ ආරක්ශා කරන්න හැදුවෙ.සමහරවිට තමුන්ගෙ පැටියා මැරිලා කියලා ඒ අම්ම දන්නේ නැතුව ඇති...පැටියාගෙ නින්දට කපුටො ඇවිත් බාදා කරන එක වලක්වන්න ඒ අම්ම එච්චර උත්සාහ කරන්නත් ඇති කියල මට නිකමට වගේ හිතුනා.


අම්මා කෙනෙක්ගෙ ආදරය කියන දේ මේ ලෝකෙ කාටත් පොදුයි.මට මගේ අම්මාව මතක් උනා....ඒ ආදරේ වචන වලින් කියලා නිම කරන්න බැහැ කවදාවත්ම.
ඒත් එක්කම මතකෙට ආවා තමුන්ගෙ අලුත උපන් බිලිඳා වැසිකිලි වලකට අත ඇරල දාපු ගෑණු කෙනෙක්ගෙ කතාවක් පත්තරේ මම දැකපු.තමන්ගෙ ලෙයින් මසින් හැදුනු ළදරුවාව කුනු වලක්,එහෙම නැත්තන් වැසිකිලි වලකට විසි කරන්න තරම් මනසින් උස් කියන මිනිස්සු පෙලඹෙන යුගයක අර තිරිසන් සතා හැසිරුන ආකාරය කොච්චර උතුම් ද.


අපි සමහරු ජරා වැඩක් කරාම බනිනවා "බලු වැඩ කරන්න එපා" කියලා.ඒත් බලු වැඩ දිහා බැලුවාම අපේ බහුතරයා කොයි තරම් පහත් ද කියල හිතෙනවා.
 ඇත්තටම මනුස්ස සන්හතිය ගැන මටම ලැජ්ජයි.තිරිසන් සතෙක් උනත් උඹ අද කරපු දෙයින් මගෙ හිත නම් ඇත්තටම සැලුනා.
"මව් සෙනෙහසට ජය වේවා................"