Powered By Blogger

Wednesday, August 29, 2012

දාරක සෙනෙහස,වැසිකිලි වල සහ සුනඛ දේනුව


අද සෑහෙන කාලෙකට පස්සෙ ලියන්න හිතුනා.......
දවාලෙදි දැකපු සිද්ධියක් හින්දා.
මම හිටපු තැනට ටිකක් එහායින් බැල්ලියක් හිටියා...ඌ පිස්සුවෙන් වගේ එහෙට මෙහෙට දුව දුව ලඟ පාත තිබුන ගස් වල පාත අතු වල වහන්න එන කපුටන්ව පිස්සුවෙන් වගෙ එලවනවා.මම වටපිට බැලුවාම දැක්කා එතනට මීටර් 100ක් විතර දුරින් පුoචි බලු පැටව් 3දෙනෙක් ඉන්නවා දැක්කා.......ඒ බැල්ල පැටවුන්ගෙ අම්මා වග මම දැක්කා...කිරි බොන වයසෙ ඉන්න උන්ට වැඩිම උනොත් සති 2ක් ඇති.ඒත් ඉතින් පැටවු ඉන්න තැනට මීටර් 100ක් විතර දුරට කපුටො එන එක නවත්තන්න හේතුව මොකද්ද කියලා මට පුදුම හිතුනා.

         
ඒ පුදුමෙ හන්දාම තව ටිකක් වටපිට බැලුවා හොඳට.ඒ දැකපු දෙයින් මගෙ හිත සසල වෙලා ගියා......
අර බලු පැටව් හිටපු තැනට ටිකක් දුරින් පුන්චිම පුන්චි බලු පැටියෙක් මැරිල ඉන්නව මට පෙනුනා.....අර බැල්ල මේ පුන්චි එකාගෙ මිනිය තමයි අච්චර පිස්සුවෙන් වගෙ ආරක්ශා කරන්න හැදුවෙ.සමහරවිට තමුන්ගෙ පැටියා මැරිලා කියලා ඒ අම්ම දන්නේ නැතුව ඇති...පැටියාගෙ නින්දට කපුටො ඇවිත් බාදා කරන එක වලක්වන්න ඒ අම්ම එච්චර උත්සාහ කරන්නත් ඇති කියල මට නිකමට වගේ හිතුනා.


අම්මා කෙනෙක්ගෙ ආදරය කියන දේ මේ ලෝකෙ කාටත් පොදුයි.මට මගේ අම්මාව මතක් උනා....ඒ ආදරේ වචන වලින් කියලා නිම කරන්න බැහැ කවදාවත්ම.
ඒත් එක්කම මතකෙට ආවා තමුන්ගෙ අලුත උපන් බිලිඳා වැසිකිලි වලකට අත ඇරල දාපු ගෑණු කෙනෙක්ගෙ කතාවක් පත්තරේ මම දැකපු.තමන්ගෙ ලෙයින් මසින් හැදුනු ළදරුවාව කුනු වලක්,එහෙම නැත්තන් වැසිකිලි වලකට විසි කරන්න තරම් මනසින් උස් කියන මිනිස්සු පෙලඹෙන යුගයක අර තිරිසන් සතා හැසිරුන ආකාරය කොච්චර උතුම් ද.


අපි සමහරු ජරා වැඩක් කරාම බනිනවා "බලු වැඩ කරන්න එපා" කියලා.ඒත් බලු වැඩ දිහා බැලුවාම අපේ බහුතරයා කොයි තරම් පහත් ද කියල හිතෙනවා.
 ඇත්තටම මනුස්ස සන්හතිය ගැන මටම ලැජ්ජයි.තිරිසන් සතෙක් උනත් උඹ අද කරපු දෙයින් මගෙ හිත නම් ඇත්තටම සැලුනා.
"මව් සෙනෙහසට ජය වේවා................"




No comments:

Post a Comment