Powered By Blogger

Sunday, July 3, 2011

හුලo විස්කෝතු

මේකත් බොහොම ඉස්සර වෙච්ච වැඩක්.මම O/L කරලා ගෙදර ඉන්න කාලෙ උන වැඩක්.මම ගනන් ඉගෙනගත්ත සර් අසනීප වෙලා ගෙදර ඉන්නවා කියල අපෙ අම්ම කිව්වා,ඉතින් පරන ගෝලයෙක් හැටියට සර් බලන්න යන එක යුතුකම නෙ.

ඉතින් මමයි මගේ හොඳම යාලුවයි යන්න කතා කරගත්තා සර් ව බලන්න යන්න.ඉතින් ඔන්න අපි දැන් පිටත් උනා,යාලුව මගෙන් ඇහුවා "මචන් මොනවඩ ගෙනියන්නෙ කියලා,මම කිව්වා කොකටත් අම්මට කතා කරල් අහපන් කියල,ඉතින් දැන් මූ කතා කරා අම්මාට,ඉතින් උන්ගෙ අම්ම කිව්වා කෙහෙල් ඇවරියකුයි නෙස්ටමෝල්ට් එකකුයි ගෙනියන්න කියල,එ අස්සෙ අරූ කිව්වා,මචන් අම්මා මොකද්ද හුලන් විස්කොතු කතාවකුත් කිව්වා කියල,

අපි දෙන්නා ඉතින් කෙසෙලුයි,නෙස්ටමෝල්ටුයි තව හුලන් විස්කොතු එකකුයි අරගෙන යන්න පිටත් උනා,කොහොමෙන් කොහොම හරි ඉතින් සර් ට මාර සතුටුයි අපි ආපු එකට,හැබැයි සර් ගෙ නෝනා අපි ගෙනියපු හුලන් විස්කොතු එකට කින්ඩි හිනවක් දැම්මා.මට ඒක එවෙලෙ එච්චර මීටර් නැහැ


දැන් ඉතින්සර්වත් බලලා අපි ගියා යාලුවගෙ ගෙදර,යනකොට අම්මා බලන් ඉන්නවා,අපි ආපු හැටියෙම අම්ම අහනවා, "කෝ හුලන් විස්කොතු ගෙනාවද කියල"
එතකොටයි මටත් සිද්දිය මීටර් උනේ,තාමත් හුලන් විස්කොතු දකිනකොට ඒ සිද්දිය මතක් වෙනවා,......................
හතර විලි ලැජ්ජාවයි...........................................


ප.ලි
අපෙ ගනන් සර් නම් අපෙන් සදහටම සමුගත්තා මීට අවුරුද්දකට විතර කලින්

Monday, April 18, 2011

යුද්දය සහ එලවලු


ගොඩ කාලෙකින් ගෙදර ආවෙ හිතේ වේදනවකුත් එක්කමයි.මොකද කියනවනම් අන්තර්ජාලයේ දැකපු පින්තූරයක් හින්ද මට මහ ආත්මානුකම්පවක් එක්කම තරහකුත් අති උනා......තමන්ගෙ ජීවිත පරදුවට තියලා මුලු රටම එකම කොඩියක් යටට ගෙනාපු අපෙ වීරයො පොලේ එලවලු විකුනනවා.මොන තරම් නින්දාවක්ද මේක?
පස්වාන් දහසකට අවසර මහ රජතුමනි,මේව කුජීතයි නේද????

Saturday, January 1, 2011

සමුගනිමි

අයෙ ගොඩ කාලෙකට ලියන්න හම්බෙන එකක් නැහැ ,නිවාඩුවත් ඉවරයි ,හෙට පාන්දරින්ම යනවා ආපහු.යන්න කලින් පොඩි සටහනක් තියල යන්න ඕනා.
සහෝදර පාසලක ඉගෙනගත්ත අපේ පුංචි සොයුරියක් ගැන මතක සටහනක් තියල යන්න ඕනේ කියල හිතුනා.

පිපෙන්නට පෙර මිලින උනු පුංචි කැකුලියේ
කුරිරු වූ සමාජේ වරදින් නුඹ ලෝකෙන් සමුගත්තත්
ලෝකෙටම නුඹව අමතක වෙලා ගියත්
නුඹ සමු අරන් අවුරුද්දකටත් වැඩි
තවමත් නුඹේ අම්මයි තාත්තයි නුඹ ගැන කඳුළු සලනවා සත්තයි
ජීවිතේට නුඹව සියසින්දැකල නොතිබුනත් නෙතු කෙවෙනි අද්දර කඳුළු බින්දුවක් මතු උනේ
මමත් නුඹේ වයසේ නැගණියකගේ අයිය කෙනෙක් හන්ද.............................
ඇරඹුණු මේ නව වසරේ නුඹ කරගත් දේ තවත් පුංචි සමනලියකට නොවේව කියල ප්‍රර්ථනා කරනවා
නුඹට නැවත හොඳ ජන්මයක් ලබන්න පින් අනුමෝදනා කරනවා ..............
සෙත් වේවා

චොක්ලට්

මේ කියන සිද්දිය උනේ අපි 12 වසරෙදි ,අපේ හිටිය බොකා  කියල එකෙක්,ඒ කාලේ ඉතින් කොහොමත් මදන ගාය තියෙන කාලේ නේ,බොකා ගත්තා අලුතෙන් ජංගම දුරකතනයක්, ඉතින් මුට ඕකේ හෙන රාජකාරි ,කෙල්ලෝ එක්ක කතා කරනවා නිතරම.ඉතින් අපේ උන්ට ඕන උනා බොකාට හොඳ බයිටක් දෙන්න.ඔන්න ඉතින් අපේ එකෙක් පටන් ගත්තා අලුත් සිම් එකක් එහෙම අරන් බොකා එක්ක මැසේජ් කරන්න ගත්තා අගනුවර ප්‍රසිද්දම බාලිකාවේ කෙල්ලෙක් විදියට. බොකා කෝල් කරන වෙලාවට මුගේ නංගිට දෙනවා ෆෝන් එක.ඔහොම ඉතින් මාසයක් විතර මැසේජ් කරනවා දෙන්නා.අපිටත් ඉතින් හෙන ආතල් ඔය මැසේජ් කියෝලා.දවසක් බොකා ට අපේ අනික එකා අපි ඌට කසුන් කියමුකෝ ,කිව්වා මාව මීට් වෙන්න එන්න කියලා.ඉතින් ඔහොම දෙන්න දවසක් කතා කරගෙන වෙලාවක් එහෙම කතාකරගත්තා.එදා දවසේ මූ ඉස්කෝලේ හ්ටියෙත් හෙන ෆන් එකේ,අපි ඇහුව ඉතින් මොකද කියලා,මූ ඒත් කියන්නේ නැහැ,කොහොමහරි ඉස්කෝලේ අරුණ ගමන් අපි සෙට් එක ගිය අර කියපු ඉස්කෝලේ ඉස්සරහ තියෙන බස් හෝල්ට් එක ලගට,ගිහින් අපි හැංගිලා ඉන්නවා දැන්..ටික වෙලාවක් යනකොට බොකා එනවා චොක්ලට් එකකුත් අරගෙන.දැන් මූ බලන් ඉන්නවා කෙල්ල එනකන් .(කොහේ එන්නද ඉතින් එහෙම කෙල්ලෙක් නැහැනේ).ඔහොම ඉනනකොට ඉතින් අපි මූ ලගට කිට්ටු කළා හෙමීට.ගිහින් අරුට මැසේජ් කරපු නොම්මරෙන් ම කෝල් කරලා කිව්වා මචං අද ට එන්න වෙන්නේ නෑ,චොක්ලට් එක අපිට ගන්න කිව්වා කියලා.මුට දැන් කර කියාගන්න දෙයක් නැහැ,මූ දැනගත්තා අපේ අයියලගේ වැඩක් තමයි කියල,එවෙලේ එතනින්ගියා 138 බස් එකක්, ඊට පස්සේ බොකා එතනපෙන්න හිටියේ නැහැ ......................

Friday, December 31, 2010

දරුව උඹ දන්නේ නෑ (child,you dont know)

මේ සින්දුවෙන් කියන දේ ඇත්තටම මටනම් දැනිලා තියෙනවා......
මේක කොපි කරලා අපේ රටේ ජනප්‍රිය රූපවාහිනී සමාගමකිනුත් සින්දුවක් ගැහුවා
හැබැයි තේරුම නම හාත්පසින්ම වෙනස්

ඔයා හෙට ක්ලාස් එනවද ???

මේක උනේ ඒ ලෙවෙල් කරන කාලේ,මගේ පන්තියේ හිටපු අපේ සෙට් එකේ මගේ හොදම යාලුවෙකුට.අපි දැනට මිනිහට සිරිපාල කියමුකෝ.
ඔන්න මිනිහ ට්‍රයි කළා කොළඹ තියෙන අර්ධ රජයේ පාසලක ලස්සන හුරුබුහුටි කෙල්ලෙකුට.සිරිපාලයා බොක්කෙන්ම මේකිට ලව්.මේ කෙල්ලත් මුගේ හොද යාලුවෙක්.කොහොමෙන් කොහොමහරි එක දවසක් හිතේ හන්ගන් හිටපු දේ කියල දානවා කියල සිරා තීරණය කරාලු..ඊටපස්සේ උන දේ පල්ලෙහා දෙබසේ තියෙනවා.

සිරා : හෙලෝ ***** මම ඔයාට මේකදැන් ගොඩ දවසක ඉදලා කියන්න හිටියේ
කෙල්ල: මොකද්ද ****?
සිරා :    අපි දෙන්න affair එකක් පටන් ගමුද?
කෙල්ල:  මට බෑ
සිරා :   හා,එහෙමද?කමක් නෑ,ඒක නෙවෙයි හෙට ක්ලාස් එනවද?
කෙල්ල:   ඔව්
සිරා :  එහෙනම් මම තියන්නම්

අමරණීය පාසල් කාලය

නිවාඩුවට ගෙදර එන ගමන් බැස්සා ඉස්කෝලේ ලගින්,ඉස්කෝලේ නිවාඩු හන්ද පට්ට පාලුවට ගිහින්,වෙනදට කොච්චරනම් සද්දයක් තියෙනවද  මේක ඇතුලේ,මගේ හිත දුවල ගියා අවරුදු ගානක් ආපස්සට.අපි මේකේ රජ කරපු කාලේ මට මතක වෙලා මටත් නොදනිම ඇස දෙක තෙත් උනා.කොයි තරම් මගෝඩි වැඩ කරත් ඉස්කෝලෙට අපි හැමදාටම ආදරේ කලා.අපිට උගන්නපු ගුරුවරු බොහොම අතලොස්සයි ඉතුරුවෙලා ඉන්නේ.ඒ කාලේ හිටපු විදියට සමහරුන්ට පුදුමයි මම ගැන.ගජා,ජොයිසා,බ්‍රැන්ඩියා,කබරයා,බොකා,ජැකා,මයියා,ගල් බණ්ඩා,කෘමියා,බිත්තරයා,කොඩ්ඩා,ඩොන්,3මාල් මේ ඔක්කොම එක පවුලක් වෙලා හිටියා ඒ කාලේ.
වෙලාව තියෙන හැටියට පාසල් මතක ආවර්ජනය කරලා ලියන්නම්